
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ලෙබනන් කලාපයේ වෙසෙන අසරණ සහ අතරමං වූ බළලුන් හා සුනඛයන් රැකබලා ගැනීම සඳහා යුද අවදානම නොතකා එම ප්‍රදේශයේම රැඳීසිටි ශ්‍රී ලාංකික කාන්තාවක ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අල් ජසීරා ඇතුළු විදේශීය ජනමාධ්‍ය වාර්තා කරයි.
‘රහ්මා’ (Rahma) නැමැති නමකින් හඳුනාගෙන ඇති මෙම කාන්තාව, පවතින දරුණු යුද ගැටුම් මධ්‍යයේ වුවද එම ප්‍රදේශය හැරයෑම ප්‍රතික්ෂේප කර ඇත්තේ, අයිතිකරුවන් අතහැර දමා ගොස් සිටි අසරණ සතුන් පෝෂණය කිරීම සහ උන් රැකබලා ගැනීම වෙනුවෙනි.
ඇය දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බවට වන තොරතුරු මේ වන විට කලාපීය ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලාවල ද බහුලව සංසරණය වෙමින් පවතී.
දෙපාර්ශවය අතර සටන් විරාම ගිවිසුමක් පවතින පසුබිමක වුවද, දකුණු ලෙබනනය පුරා ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින වටපිටාවක මෙම ඛේදවාචකය සිදුව ඇත.
අල් ජසීරා පුවත් සේවයට අනුව, මෑතකදී එම කලාපයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර විශාල දේපළ හානියක් ද සිදුව තිබේ.
කෙසේවෙතත්, මෙම ශ්‍රී ලාංකික කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු බලධාරීන් හෝ අදාළ නිල ආයතන මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart