
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න නැවත පත්කිරීම අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බොහෝ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීමත් සමග එම සභාවේ බෙදීමක් මතුව ඇති බව වාර්තා වේ.
මීළඟ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් අතර ඇති වූ මතභේද හේතුවෙන් පොලිස්පති ධූරය සඳහා මේ වසරේ මාර්තු මාසයේ සිට ස්ථිර පත්වීමක් ලබාදීමට රජය අපොහොසත් වී ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කළ යුතු බවට අලස් ඇමැතිවරයා දැඩිව අවධාරණය කරන අතර ජනාධිපතිවරයා ඊට විරුද්ධ වී ඇති බව වාර්තා වේ.
එහි ප්‍රතිඵලය වූයේ සී.ඩී.වික්‍රමරත්න විශ්‍රාම යෑමෙන් පසු නැවත සේවයට කැඳවීමයි.
ඔහුට දැන් සිව් වතාවක් සේවා දිගු ලබාදී ඇත.
සති තුනකට අදාළ අලුත්ම සේවා දිගුව ලබාදුන්නේ නොවැම්බර් 03 වැනිදාය.
කෙසේවෙතත්, පත්කිරීමේ බලධාරියා ලෙස ජනාධිපතිවරයා විසින් ලබාදුන් සේවා දිගුව අනුමත කිරීම සඳහා පොදු එකඟතාවකට පැමිණීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නොහැකි වී තිබේ.
තවත් කිහිපදෙනකුගේ සහාය ඇතිව සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනාම සේවා දිගුවට විරුද්ධ වූ බව වාර්තා වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, අවසන් තීරණය ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා දෙවැනිවරටත් අද රැස්වීමට නියමිතව තිබිණි.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා අනුමැතියකින් තොරව සිදුකර ඇති බැවින්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වලංගුද යන්න පිළිබඳ නීතිමය අපැහැදිලි තත්ත්වයක් පවතියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුත් ආයතනයකි.
එහි සාමාජිකයන් වන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, වෛද්‍ය දිනේෂා සමරරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන පිරිසයි .
එම සභාවේ එක් තනතුරක් තවමත් හිස්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart