
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩලයේ සභාපති රෙයින් ටැම්සාර් ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ඊයේ (02) අධිකරණ අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡාවක නිරත වූහ.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ළමුන් කේන්ද්‍ර කරගත් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමයි.
මෙහිදී ළමුන්ට අදාළ නීති ප්‍රතිසංස්කරණ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ළමා සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය, ළමා හා බාල අපරාධ යුක්ති විනිශ්චය නීති යටතේ ඇති ප්‍රතිපාදන සහ ළමුන් සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමේ පියවර ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුවිය.
සාකච්ඡාව අතරතුර අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා, අපරාධ නඩු විධාන සංග්‍රහයට සිදුකළ සංශෝධන මඟින් මේ වන විටත් ළමා සාක්ෂිකරුවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ සාක්ෂි දීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන් කළේය.
එමෙන්ම මෙම තාක්ෂණික පද්ධති භාවිතය සම්බන්ධයෙන් විනිසුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙතෙම පැවසීය.
විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයේ පුහුණු වැඩසටහන්වලට මෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාවට ද ළමා ආරක්ෂණ නීතිය ඇතුළත් කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ළමුන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා වන විශේෂ පහසුකම් මේ වන විට මහනුවර අධිකරණ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති බවත්, එම පද්ධතිය දිවයින පුරා පිහිටි සෙසු අධිකරණ වෙත ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.
අධිකරණ කටයුතු ප්‍රමුඛතා පදනමින් ප්‍රකාශයට පත්කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ පද්ධතියේ පවතින පුරප්පාඩු ඒ සඳහා ප්‍රධානතම හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජය මේ වන විටත් එම අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම යුනිසෙෆ් නියෝජිත පිරිසට සෝෆියා ටෙස්ෆාමරියම්, ඇනා ජොහැන්ස්ඩෝටිර්, ඇලෙජන්ඩ්‍රා හර්නන්ඩෙස් ගොන්සාලෙස්, ක්ලෝඩියෝ සිල්වියෝ නාර්ඩි , ඇන්ඩ්‍රෙස් ෆ්‍රැන්කෝ සහ නටාලි ලෙස්ටන් ඇතුළත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart