
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජීවිතාරක්ෂක කටයුතු සඳහා ගිනිඅවි බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයන් වෙනුවෙන් ආරක්ෂක කවුන්සිලයේ උපදෙස් පරිදි නව පරික්ෂා කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
නව නියෝගයට අනුව, ගිනිඅවි බලපත්‍රලාභීන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර මෙසේය:
– ගිනි අවි බලපත්‍රයක් ලබාගෙන සෑම මාස 6 ක් ගතවීමෙන් පසු, තමන්ට ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කළ යුතුය.
– එහිදී අදාළ ගිනිඅවියේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවතින්නේද යන්න සහ එහි සටහන්ව ඇති අංකය බලපත්‍රයේ අංකය සමඟ සැසඳෙන්නේද යන්න පරීක්ෂා කර පොලිසියෙන් සහතිකයක් ලබාගත යුතුය.
– මෙම වසරේ (2026) ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කටයුතුවලට සමගාමීව මෙම නව ගිනිඅවි සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
මින් ඉදිරියට සෑම මාස 6 කට වරක්ම ජීවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සහ බලපත්‍ර නිසි පරිදි පරීක්ෂාවට ලක්කර, අදාළ සහතික නිකුත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart