
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල සත්වෝද්‍යානයට ගිය හැමෝගේම හිත් හොරකම් කරපු, සූ එකේ අලුත්ම සුපිරි තරු දෙන්නා වෙන සිංහ පැටව් දෙන්නා මහජනතාවට ප්‍රදර්ශනය කිරීම ලබන ජූනි 21 වැනිදායින් පසුව සම්පූර්ණයෙන්ම නතර කරන බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ පවසනවා.
ඔබත් තවමත් මේ සුරතල් සිංහ පැටවුන්ව දැකබලා ගත්තේ නැත්නම්, ඔබට තියෙන්නේ තවත් ඉතාමත් සීමිත කාලයක් විතරයි.
සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන අන්දමට, පසුගිය දෙසැම්බර් 24 වැනිදා ඉපදුණු මේ පිරිමි සහ ගැහැණු සිංහ පැටවු දෙන්නා දැන් ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා ඔවුන්ව වෙනදා වගේ මහජනතාව ඉස්සරහට රැගෙන ඒම සතුන්ගේ වගේම නරඹන්නන්ගේත් ආරක්ෂාව පැත්තෙන් බලද්දී තරමක් අපහසු සහ අවදානම් සහගත වැඩක්. ඒ නිසයි ආරක්ෂක හේතූන් මත මේ තීරණය අරන් තියෙන්නේ.
මේ පැටව් දෙන්නාට නම් තැබීම සඳහා සූ එකෙන් කරපු ඉල්ලීමට රට වටෙන්ම සුපිරි නම් තොගයක් ලැබිලා තියෙනවලු. තෝරාගත්තු ලස්සනම නම් දෙක, දෙහිවල සත්වෝද්‍යානයේ 90 වැනි සංවත්සර උත්සවයට සමගාමීව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. විශේෂම වැඩේ කියන්නේ හොඳම නම් යෝජනා කරපු අයට නිල නාමකරණ උත්සවයේදී වටිනා තෑගි බෝග පවා හම්බවෙනවා කියන එකයි.
ඔන්න එහෙනම් ජූනි 21 වැනිදාට කලින් දෙහිවල සූ එක පැත්තේ රවුමක් දාන්න ලෑස්ති වෙන්න. හැබැයි මතක ඇතුව යන්න ඕනේ වෙලාවක් තියෙනවා. සිංහ පැටව් දෙන්නාව බලන්න පුළුවන් වෙන්නේ හැමදාම උදේ 10.00 ඉඳන් 11.30 වෙනකල් විතරයි.
පස්සේ අපිට කිව්වේ නෑ කියන්න එපා, මේ සති අන්තයේම පොඩ්ඩන්වත් එක්කන් සිංහ පැටව් බලන්න දෙහිවල යමු නේද?
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart