April 21, 2026

ලෝකයේම පිළිගත් සාමයේ සලකුණක් ලෙස සැලකෙන ‘ආලෝකා’ නම් සුනඛයාගේ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමකින් සපයන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසයි.

එම සංගමය ප්‍රකාශ කරන්නේ, ‘ආලෝකා’ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක්, ඖෂධ සහ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර ඇති බවයි.

හදිසි අවස්ථා සඳහා කැපවුණු කාර්ය මණ්ඩලයක්ද සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසයි.