
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැල්ලව, මරළුවාව ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට ඊයේ (24) රාත්‍රියේ නාඳුනන පුද්ගලයකු වෙඩි තැබීමකින් සැමියා මියගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා තිබේ.
එම අඹුසැමි යුවළ වහාම කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී 32 හැවිරිදි සැමියා ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මරළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
30 හැවිරිදි බිරිඳ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම යුවළ එම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමට හේතුව සහ සැකකරු පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණ වී නැත.
අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart