
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එදිනෙදා භාවිත කෙරෙන පාරිභෝගික නිෂ්පාදන තුළ සඟවා ඇති ශරීරයේ හෝර්මෝන ක්‍රියා කරන ආකාරයට බාධා කරන විනාශකාරී රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය කණස්සල්ල පළකර තිබේ.
ජල-විකර්ෂක රෙදිපිළි සහ පෞද්ගලික සත්කාර නිෂ්පාදනවල මහජන සෞඛ්‍යයට සැළකිව යුතු තර්ජනයක් එල්ල කරන PFDA (perfluorooctanoic acid, A persistent Organic Pollutant), parabens සහ triclosan වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු බව ඒ පිළිබඳ ඔවුන් සිදුකළ පර්යේෂණ මගින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සොයාගෙන තිබේ.
නියාමන ක්‍රියාමාර්ගවල හදිසි අවශ්‍යතාව ඉස්මතු කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ දේශීයව මිලදී ගන්නා ලද ජල-විකර්ෂක ඇඟලුම්වල PFDA (perfluorodecanoic acid) ඇති බව අනාවරණ වී ඇති බවයි.
ඉහත අධ්‍යයනයට අදාළව චෙක් ජනරජයේ චාල්ස් විශ්වවිද්‍යාලයේ කරන ලද සාම්පල පරීක්ෂාවකදී පෙනීගොස් ඇත්තේ ශ්‍රී ලංකාවෙන් මිලදීගත් ඒප්‍රොන් එකක සහ ජැකට් එකක පිළිවෙළින් PFDA රසායනිකය 2.6ppb සහ 2.7 ppb බැගින් තිබී ඇති බවයි.
ppb මගින් මනිනු ලබන්නේ බිලියනයක ඇති අංශු ප්‍රමාණයයි.
ශරීරයේ හෝර්මෝන ක්‍රියා කරන ආකාරයට බාධා කරන විනාශකාරී රසායනික ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන ඇති Parabens සහ triclosan වර්ග 9ක් හඳුනාගැනීම වෙනුවෙන් පෞද්ගලික සත්කාරක සනීපාරක්ෂක නිෂ්පාදන ද Wonjin පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ආයතනයේ දී පරීක්ෂා කරන ලදී.
පරීක්ෂා කරන ලද සාම්පල 30 න් 6ක Parabens වර්ග තුනක් ඇති බව අනාවරණ වී තිබේ.
නිෂ්පාදන ලේබල් කිරීමේ විනිවිදභාවයේ ගැටලු පිළිබඳ හෙළිදරව් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ සාම්පල 6න් එකක් Parabens නොමැති බව ව්‍යාජ ලෙස සඳහන් කර ඇති බවයි.
පරිසර යුක්ති කේන්ද්‍රය යනු පාරිසරික යහපාලනය සහ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය සඳහා ක්‍රියා කරන ප්‍රමුඛ ජාතික මට්ටමේ පාරිසරික සංවිධානයකි.
ඔවුන් විද්‍යාත්මක පර්යේෂණ, ප්‍රතිපත්ති උපදේශනය, පාරිසරික නඩු පැවරීම සහ පුරවැසි විද්‍යාව ප්‍රවර්ධනය කිරීමෙහි නිරත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart