
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට සුනඛයන් තිස්පස්දෙනකු මිලදී ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් නෙදර්ලන්තය බලා පිටත්ව ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
පොලිස් කොට්ඨාසයේ නිල සුනඛ සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත කුලසේකර, එහි පශු වෛද්‍ය අමල් දිසානායක සහ පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නලින් හෙට්ටිආරච්චි යන අය මෙම සුනඛයන් මිලදී ගැනීම සඳහා නෙදර්ලන්තයට ගොස් ඇත.
නෙදර්ලන්තයේ සිට රැගෙන එන මෙම සුනඛයන් මත්ද්‍රව්‍ය සොයාගැනීම, පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම සහ අපරාධකරුවන් පිළිබඳ හෝඩුවාවන් ලබාගැනීම සඳහා පුහුණු කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ඊයේ (17) පැවැසීය.
මෙම සුනඛයන් සඳහා පුහුණුවීම් ලබා දෙන්නේ මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුරගේ පූර්ණ අධීක්ෂණය යටතේය.
පොලිසියට බඳවා ගැනීම සඳහා සුනඛයන් මිලදී ගැනීම වෙනුවෙන් නෙදර්ලන්තයට ගිය මෙම කණ්ඩායම ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතව ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart