
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය සේවා දුරස්ථව සැපයීමේදී ඩිජිටල් තාක්ෂණය ප්‍රශස්ත ලෙස භාවිත කිරීම පිළිබඳ ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එක්ව රජයේ ආයතන ප්‍රධානීන් සඳහා අතුරු මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අනුව, අඛණ්ඩව පවතින බලශක්ති අභියෝග මධ්‍යයේ රාජ්‍ය සේවාවන් ක්‍රමානුකූලව නඩත්තු කිරීම සහතික කිරීම අරමුණු කරගත් කැබිනට් කමිටු නියෝගයක් අනුව මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් කමිටුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දුරස්ථ වැඩ විකල්ප ගවේෂණය කරන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට උපදෙස් දී තිබිණි.
2026 පෙබරවාරි 28 වැනිදා සිට මැදපෙරදිග ඇති වූ නොසන්සුන්තාව සහ ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සහ බලශක්ති කළමනාකරණය අඩාල කර ඇති ගෝලීය ආර්ථික ප්‍රවණතා පසුබිමට අනුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය භාෂා තුනෙන්ම මාර්ගෝපදේශ සම්පාදනය කර ඇති අතර එය https://mode.gov.lk/docs/guidelines හි එම මාර්ගෝපදේශ දක්වා තිබේ.
ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් නිවසේ සිට හෝ කාර්යාලයේ සිට පරිපාලන හා සේවා සැපයීමේ කටයුතු සිදු කිරීම සඳහා අනුමත ක්‍රම එම ලේඛනයේ දක්වා ඇත.
2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුව, රජයේ ලේඛන ඉලෙක්ට්‍රොනිකව නිර්මාණය කිරීම, අනුමත කිරීම සහ සංසරණය කිරීම නීත්‍යනුකූල බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඒ අනුව විධිමත්ව පරිලෝකනය (ස්කෑන්) කරන ලද අත්සන්, ඩිජිටල් අත්සන් හෝ රජයේ නිල ඉ-මේල් පහසුකම හරහා ලබාදෙන තොරතුරු හා අනුමැතීන් වලංගු ලේඛන ලෙස පිළිගැනේ.
මීට පෙර කෝවිඩ්-19 වසංගත සමයේ දී ඇති වූ ප්‍රායෝගික තත්ත්වයන් හමුවේ හඳුන්වා දුන් රජයේ කටයුතු සඳහා වෙන් වූ https://meet.gov.lk මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකාව ප්‍රාථමික සන්නිවේදන මෙවලම ලෙස නිර්දේශ කර ඇති අතර, විකල්ප ලෙස සෙසු වාණිජ වේදිකා ද සීමිත කාලසීමාවන් යටතේ භාවිත කළ හැකි බව දක්වා ඇත.
මෙහි දී විශේෂයෙන් වත්මන් රජයේ ප්‍රමුඛ සංවර්ධන ප්‍රවේශයක් වන ඩිජිටල් ආර්ථික සැලැස්මෙහි රාජ්‍ය අංශයේ සේවා ප්‍රශස්තකරණයට ද දායක වන සේ ඒ ඒ සේවා ස්ථානයේ නිලධාරීන්ගේ හා සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඩිජිටල් තාක්ෂණ කුසලතා වැඩිදියුණු කිරීමට හා විශේෂයෙන් රාජකාරින්ට අදාළ තොරතුරුවල ආරක්ෂාව දැඩි ලෙස සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිරිමත් කර ඇත.
ඒ අනුව ඩිජිටල් තාක්ෂණ භාවිතයෙන් නිවසේ හෝ කාර්යාලයේ / සේවා ස්ථානයේ සිට පරිපාලන හා සේවා සැපයීම් කටයුතු සිදු කිරීම සඳහා අනුමත ක්‍රමවේද කිහිපයක් මෙම මාර්ගෝපදේශ මාලාවෙහි දක්වා ඇත.
මෙම මාර්ගෝපදේශය පිළිබඳ සියලුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර ක්‍රියාවෙහි යොදවන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2026 අප්‍රේල් 23 දිනැතිව අංක 02/ 2026 චක්‍රලේඛය මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart