May 14, 2026

ජනතා බදු මුදලින් සොරාගත් දේපළ ජනතා අයිතියට පවරන්නැයි ඉල්ලා, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ නිවසට ඇතුළු වී තිබේ.

විරෝධතාවක නිරතවෙමින් එම සිසුන් ඉල්ලා තිබුණේ පොදුජනතා පරිහරණය සඳහා එම දේපළ පවරන ලෙසයි.

දේපළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා මෙය ලබාදිය හැකි බව එම සිසුන් පෙන්වා දී ඇත.

මෙම නිවසට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ අධිකරණයට දැනුම්දුන් පසුව මල්වානේ අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක පිහිටි නිවස අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබිණි.

අධිකරණය නියෝග කළේ අදාළ නිවස සහ ඉඩම වෙන්දේසි කරන ලෙසය.