
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිත සමාලෝචනය ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්ති ව්‍යුහය රටේ දිගුකාලීන සංවර්ධන අරමුණු සමඟ වඩාත් සමීපව පෙළගැස්වීමට ලැබෙන කදිම අවස්ථාවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත්තේ උද්ධමනය, වත්මන් ආර්ථික තත්වය සහ ඒ ඔස්සේ රටක් ලෙස මුහුණ පාන අභියෝග සඳහා ගත හැකි විකප්ල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය යෝජනා සහ අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ ලිපියක් මගින් ය.
උද්ධමන ඉලක්කය 2%-3% දක්වා සංශෝධනය කර, ඒ සමඟම විදේශ විනිමය සංචිත රැස් කිරීම, දේශීය ඉතුරුම් බලමුලු ගැන්වීම, ප්‍රාග්ධන සම්පාදනය සහ ඵලදායී ආර්ථික වර්ධනය කෙරෙහි පුළුල් ප්‍රතිපත්තිමය අවධානයක් යොමු කිරීම වැදගත් බව මන්ත්‍රීවරයා එමගින් යෝජනා කර තිබේ.
එමෙන්ම ඔහු එහි සඳහන් කර ඇත්තේ එමඟින් ශ්‍රී ලංකාවට සිය මුදල් ඒකකයේ අගය රැක ගැනීමට හැකි වනු ඇති බවයි.
එමගින් පුරවැසියන්ගේ ඉතුරුම් ආරක්ෂා කිරීමටත්, අපේ රටේ ඉදිරියට ගමන නැවත නැවතත් අඩාල කළ මෙවැනි ආර්ථික අර්බුද යළි ඇතිවීම වැළැක්වීමටත් කැපවී සිටින බවට ප්‍රබල පණිවිඩයක් ලෝකයට සන්නිවේදනය කරනු ඇති බව ද මන්ත්‍රීවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart