February 20, 2026

පළාත් සභා මැතිවරණ සඳහා යොදාගත යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව සොයාබලා වාර්තා කිරීමට සහ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට 11 දෙනකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කර තිබේ.

අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුව ස්ථාපිත කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (20) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මෙම කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ:
* මුනීර් මුලෆර්
* සුනිල් වටගල
* අරුන් හේමචන්ද්‍ර
* රංජිත් මද්දුම බණ්ඩාර
* මනෝ ගනේෂන්
* ලක්ෂ්මන් නිපුන ආරච්චි
* ශානිකියන් රසමානික්කම්
* සමන්මලී ගුණසිංහ
* ධර්මප්‍රිය විජේසිංහ
* චන්දන සූරියආරච්චි
* නිසාම් කාරියප්පර්