
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ උදෑසන හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානයේ වෙරළ කාලාපයේ බලපත්‍ර නොමැතිව කොරල්පර ආශ්රිත මත්‍යසයන් මරා , සන්තකයේ තබාගත් රුසියානු ජාතිකයකු වනජීවී නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සමග මියගිය බටයා මත්ස්‍යයකු සහ කපුහැන්දා මත්ස්‍යයකු, බීලී යොතක් සහ යොත සහිත බිලී පිත්තක් (අඩි 05 අඟල් 09 පමණ දිග) ඇමට භාවිත කිරීමට යොදාගත් ඉස්සන් සහිත භාජනයක්, ප්ලාස්ටික් ආවරණය සහිත කඩදාසි කපන පිහියක්, ඊයම් බරු කැබලි 10 අඩංගු පාර්සලයක්, අඟල් 07 සහ 04 ප්‍රමාණයේ බිලී කොකු පැකට් 02ක්, බිලී කටු ඇමුණුම් උපකරණ සහිත පාර්සලයක්, නූල් අඩංගු පාර්සලයක්, භාණ්ඩ අසුරා තබන ප්ලාස්ටික් අසුරණයක් සහ චූදිතයාට අයත් විදෙස් ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සහ නඩු භාණ්ඩ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරු ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart