
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට අද (02) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
රුසියානු හැකර්වරුන් වගකීම භාරගෙන ඇති මෙම සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව රාජකීය පවුලේ නිල වෙබ් අඩවිය අක්‍රිය වී ඇත.
සයිබර් ප්‍රහාරය හේතුවෙන්, පැය එක හමාරක පමණ කාලයක් වෙබ් අඩවිය අක්‍රීයව පැවති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
පසුව ආරක්ෂක අංශ සහ පරිගණක විශේෂඥයින් එක්ව එය යථා තත්ත්වයට පත්කර ඇති නමුත් ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීම බකිංහැම් මාලිගය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වෙයි.
රුසියානු හැකර් කණ්ඩායමක් වන Killnet මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
ක්‍රෙම්ලින් ගැති කණ්ඩායමක් ලෙස හැඳින්වෙන Killnet යුක්රේනයට සහාය දක්වන රටවලට, විශේෂයෙන්ම නේටෝ රටවලට එරෙහිව සයිබර් ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රසිද්ධ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart