
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කර තිබේ.
ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සෙනසුරාදා (මාර්තු 30) පැවති විශේෂ පක්ෂ රැස්වීමේදී තීරණය කෙරිණි.
ඒ අනුව දුමින්ද දිසානායක ජාතික සංවිධායක ධුරයෙන් ද ලසන්ත අලගියවන්න භාණ්ඩාගාරික ධුරයෙන් ද මහින්ද අමරවීර ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයෙන් ද ඉවත් කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු, භාණ්ඩාගාරිකවරයකු සහ ජාතික සංවිධායකවරයකු පත් කළේ එම තිදෙනා ධුරවලින් ඉවත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ජාතික සංවිධායක ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහියංගනය ආසන සංවිධායක කේ.පී.ගුණවර්ධන, භාණ්ඩාගාරික ලෙස බස්නාහිර පළාත් හිටපු ඇමැති හෙක්ටර් බෙත්මගේ සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ඇමැති සරත් ඒකනායක පත් කෙරිණි.
එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබූ විශේෂ පක්ෂ රැස්වීමකදී මෙම තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට දැනුම් දී ඇත.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශ මේ වනවිට ආන්දෝලනයට තුඩුදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart