
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුරයේ බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියේ විමර්ශන තම අධිකාරිය වෙත පවරන ලෙස ළමාරක්ෂක අධිකාරිය පොලිස්පතිවරයා වෙත ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් මහාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට එම අධිකාරිය සූදානම් නොවන බව ද දැනගන්නට තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණයේදී තම සේවාදායකයාට ඇප නොදුන් අවස්ථාවක සැකකාර පාර්ශ්වයේ නීතිඥවරුන් ඉහළ අධිකරණයකට ගොස් ඇප ලබාගැනීම සාමාන්‍ය වුණත්, ඇප ලබාදුන් අවස්ථාවක මහාධිකරණයට ගොස් ඇප අවලංගු කිරීම සඳහා පැමිණිලි පාර්ශ්වය ගොනුකරන නඩුවක් එතරම් ශක්තිමත් නොවනු ඇතැයි පවතින විශ්වාසය ඊට හේතුවී බව සඳහන්ය.
මේ හේතුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය සතු සීමිත සම්පත් ඇප අවලංගු කරගැනීම සඳහා වූ අධිකරණ කටයුත්තකට වැය කිරීමට අසීරු බව එම අධිකාරියේ විශ්වාසය වී තිබේ.
වාර්තා වන පරිදි මේ වන විට ජාතික ළමාරක්ෂක අධිකාරිය උත්සාහ ගනිමින් සිටින්නේ විමර්ශන තම ආයතනය වෙත පවරන ලෙස ඉල්ලා සිටීමටය.
ඒ අනුව මෙම විමර්ශන තම අධිකාරිය වෙත පවරන ලෙස ඔවුන් ලිඛිතව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර, අදාළ වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පිරිසක් මේ වන විට අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීම පිළිබද සාකච්ඡා කරමින් සිටින බව ද දන ගන්නට තිබේ.
පල්ලේගම හේමරතන හිමිට පසුගිය 22 වැනිදා අනුරාධපුර මහේස්‍ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න විසින් ඇප ලබාදුන් අතර විමර්ශන අවසන් කර ගොනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව ප්‍රකාශ කර සිටීමත්, නීතිපති නියෝජනයක් නොමැති වීමත් ඇතුළු කරුණු එහිදී සලකා බලන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart