
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අයකරනු ලබන වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩුකිරීමට අයවැයෙන් ඉදිරිපත් කර තිබූ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇත.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අද (23) පාර්ලිමේන්තුව අමතමින් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මෙම බදු පිරිවැටුම් සීමාවන් පහළ හෙළීමේ යෝජනාව ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සභාවට පෙන්වාදුන්නේ අදාළ ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
“අමාත්‍ය මණ්ඩලයේ සහ නීතිපතිවරයාගේ අදාළ අනුමැතිය මෙන්ම පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ නිර්දේශ ද ලැබීමෙන් පසුව අප මෙම යෝජනාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, මෙවැනි බදු පැනවීම් සිදුකරන ලෙස මීට පෙර ඉල්ලා සිටි විපක්ෂය, රජය මෙම බදු ලිහිල් කිරීමේ තීරණය ගත් අවස්ථාවේදී ඊට විරුද්ධ වන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.
මෙම බදු සීමාවන් රුපියල් මිලියන 36 දක්වා අඩුනොකිරීමට රජය ගත් තීරණය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසකට විශාල සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart