
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ පිතිකරුවකු වාර්තා කළ වේගවත්ම එක්දින ශතකය සිය නමට ලියාතැබීමට සිකන්දර් රාසා ඊයේ(20) සමත් විය.
එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනිමේ තරගාවලියේ නේදර්ලන්තයට එරෙහිව සිකන්දර් රාසා පන්දු 54කින් එම වේගවත් ශතකය රැස් කළේය.
මීට පෙර ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලිය ආරම්භ කරමින් නේපාලය සමග පැවැති තරගයේදී ෂේන් විලියම්ස් පන්දු 70 කදි සිම්බාබ්වේ පිතිකරුවකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව තමන් සතු කරගත්තේය.
එය දින කිහිපයක් තුළ සිකන්දර් රසා උදුරාගත්තේ හයේ 08 ක සහ හතරේ පහර 06ක් සමගිනි. ෂෙන් විලයම්ස්ද මෙම තරගයේදි පන්දු 58කදී ලකුණු 91 ලබාසිටියදි දැවිගොස් තිබිණි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේදර්ලන්තය පන්දුවාර 50ට කඩුලු 06ක් දැවී ලකුණු 315ක් රැස්කර තිබූ අතර, එම ඉලක්කය පන්දුවාර 40යි පන්දු 05ක් තුළ පසුකර යෑමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart