
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක ප්‍රසිද්ධ පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයා මෙන්ම මොරොක්කෝ පාපන්දු කණ්ඩායමේ නායකයා වන අෂ්රෆ් හකීමිට එරෙහිව එල්ල වී ඇති ස්ත්‍රී දූෂණ චෝදනාවක් නිසා ඔහුට ප්‍රංශයේදී නඩු විභාගයකට මුහුණදීමට සිදුව ඇති බව ප්‍රංශයෙන් වාර්තා වෙනවා.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ 2023 අවුරුද්දේ. පැරිස් නුවර තියෙන හකීමිගේ නිවසට ආපු තරුණියක්, හකීමි තමන්ව දූෂණය කළා කියලා තමයි මේ පැමිණිල්ල දාලා තියෙන්නේ. මේ ගැන කරපු දීර්ඝ විමර්ශනවලින් පස්සේ, 2026 පෙබරවාරි මාසයේදී විනිසුරුවරයා නියෝග කරලා තියෙන්නේ මේකට විරුද්ධව නඩු පවරන්න කියලයි. තමන්ට විරුද්ධව දාපු මේ නඩුව අස්කරගන්න කියලා හකීමි කරපු ඉල්ලීමත් ප්‍රංශ අධිකරණයෙන් කුණුකූඩයට දාලා තියෙනවා කියලා එහේ ජනමාධ්‍ය කියනවා.
හැබැයි දැන් 27 වැනි වියේ පසුවන හකීමි නම් කියන්නේ තමන් නිවැරදියි කියලයි. තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න මෙච්චරකල් බලන් හිටපු අවස්ථාව දැන් ලැබිලා තියෙනවා කියලා හකීමි සමාජ මාධ්‍යයට සැර සටහනක් දාලා තිබුණා.
“අධිකරණ පද්ධතිය මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලලා කිව්වා, ‘ඔයා මේ තරම් ප්‍රසිද්ධ කෙනෙක් නොවෙන්න, මෙහෙම නඩුවක් කවදාවත් හැදෙන්නේ නැහැ’ කියලා. මම පළමු දවසේ ඉඳන්ම මේ නඩුව එනකම් බලාගෙන සිටියා. දැන් මම ඒ ගැන දැඩි උනන්දුවකින් බලා සිටිනවා. අවසානයේ මට ඇත්ත කතා කරන්න අවස්ථාව ලැබෙනවා,” කියලා හකීමි කියලා තිබුණා.
කොහොම වුණත් පැමිණිල්ල දාපු කෙල්ලගේ නීතිඥවරිය වන රේචල් ෆ්ලෝර් පාඩෝ නම් මේ තීරණය ගැන ඉන්නේ මාරම සතුටකින්. අවුරුදු තුනකට වඩා තිස්සේ ඇද ඇද හිටපු නඩුවක් මෙහෙම හරි උසාවියට යන එක තමන්ගේ සේවාදායිකාට ලොකු සහනයක් වගේම බලාපොරොත්තුවක් කියලා ඇය කියනවා.
හැබැයි හකීමිව කුඩුවට යවන්න බලන් ඉන්න මේ නඩු විභාගය පටන්ගන්න දවස නම් ප්‍රංශ උසාවියෙන් තවම එළියට දාලා නැහැ. මේක පාපන්දු ලෝකයේ ලොකුම පෙරළියක් කරන නඩුවක් වෙයි කියලා හැමෝම කියනවා.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart