
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ මතුව ඇති ආපදා තත්වයට හමුවේ ආරක්ෂක අංශ විශාල කැපකිරීමක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ආපදා තත්වය හමුවේ පොලිසිය සහ ත්‍රිවිද හමුදාව සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සහ ආපදා තත්වය කළමනාකරණය වෙනුවෙන් දක්වන කැපවීම අගය කළ යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔවුන්ගේ සේවය රටට කෙතරම් වැදගත් ද යන්න මෙවැනි ආපදා තත්වයන් හමුවේ ඔප්පු වන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ත්‍රිවිද හමුදා සාමාජිකයින්ගේ පවුල් සඳහා ලබාදී ඇති වරප්‍රසාද කප්පාදු නොකරන ලෙසයි.
එවැනි සූදානමක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා පළ වී තිබූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ රජය මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි.
රට වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ආරක්ෂක අංශ සාමාජිකයින් සිදු කරන කැපවීම අගය කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart