
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට පුරා ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුම සිදුකෙරෙන ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය අවධානය යොමුකර තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න පවසන්නේ, ‘යුක්තිය’ මෙහෙයුම දැනට ක්‍රියාත්මක වන ආකාරය අනුව වහාම දේපළ රාජසන්තක කිරීම සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවයි.
“පොලිසිය සෑමවිටම එකම මට්ටමේ උද්යෝගයක් විදහා දැක්විය යුතුයි; වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කළාම ඒක හදිසියේ මතුවෙන්න බැහැ”යැයි ඔහු පැවසීය.
පැය 24 පුරා ක්‍රියාත්මක මෙම මෙහෙයුමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ විශේෂ කාර්යාංශයේ ලියාපදිංචි සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි පුද්ගලයන් 132 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මෙසේ පවසයි. “මේ තොරතුරු ඔවුන්ට කළිනුත් තිබුණා. ප්‍රශ්නය වන්නේ ඔවුන් මෙතෙක් කිසිදු පියවරක් නොගෙන වැඩබලන පොලිස්පතිවරයා පත්කරන තෙක් බලා සිටියේ මන්ද යන්නයි.”
දෙසැම්බර් 17 වැනි දින ඇරඹි ‘යුක්තිය’ මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙන්, අත්අඩංගුවට ගැනීම් 11,500 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති අතර, ඉන් 1,676ක් සිදුව තිබුණේ දෙසැම්බර් 22 වැනි දින අලුයම 12.30 සිට දෙසැම්බර් 23 වැනි දින අලුයම 12.30 දක්වා කාලයේයි.
මේ අතර, මෙම කාලය තුළ අත්අඩංගුවට ගත් අයගෙන් 119 දෙනෙකු රැඳවුම් නියෝග මත තවදුරටත් විමර්ශනය කෙරෙන අතර 45 දෙනෙකුගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කෙරේ.
ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 112 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart