
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයින එරට ‘අදදු’ (Adhadhu) පුවත් කාර්යාලය වැටලීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ගය, පුවත්පත් කලාව අපරාධයක් ලෙස හංවඩු ගැසීම අරමුණු කරගත් පළිගැනීමේ ක්‍රියාවක් බව දේශසීමා රහිත වාර්තාකරුවෝ (RSF) සංවිධානය ප්‍රකාශ කර ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන ලද කෙටි ප්‍රකාශයක් මගින් එම සංවිධානය පෙන්වා දුන්නේ, ජනාධිපති කාර්යාලයේ හිටපු සේවිකාවක් විසින් ජනාධිපති මොහොමඩ් මුයිසුට එරෙහිව එල්ල කරන ලද චෝදනා ඇතුළත් වාර්තා වැඩසටහනකින් පසුව පොලිසිය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
“මෙය පළිගැනීමක් ලෙස පුවත්පත් කලාව අපරාධයක් බවට පත් කිරීමක් වන අතර, එය වහාම නතර කළ යුතුය,” යනුවෙන් එම සටහනේ දැක්වේ.
මෙම කරුණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන මාලදිවයින් රජය විවේචනය කර ඇත.
මාධ්‍ය නිදහස යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිවාසිකමක් වුවද, මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් සිදුකරන මෙවැනි ක්‍රියාමාර්ග මාලදිවයිනේ මාධ්‍ය නිදහස පිරිහීමක් ලෙස බොහෝ දෙනා හඳුන්වා දී ඇත.
දේශසීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders) යනු පුවත්පත් කලාව සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයකි.
වාර්ෂික ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය (World Press Freedom Index) සකස් කිරීමේ වගකීම දරන්නේ මෙම සංවිධානයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart