December 10, 2025

2015 වසරේ පත්වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය මගින් ආරම්භ කළ ජාතික රක්ෂණ භාර අරමුදල යළි ආරම්භ කිරීමේ හැකියාවක් පවතින්නේ දැයි සොයා බලන ලෙස තමන් ජනාධිපති අනුර කුමාර දිසානායකට පැවසූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

වර්තමානයේ රට තුළ උද්ගත වී ඇත්තේ දේශපාලනය පිළිබඳ සිතා වාසිදායක තීරණ ගැනීමේ අවස්ථාවක් නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ජාතික රක්ෂණ භාර අරමුදල යනු ලෝක බැංකුවේ පවා සහය හිමිවූ වැඩසටහනක් බවයි.

ලොව පළමුවරට එවැනි වැඩසටහනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ නියෝජිතයින් පවා පැවැති රජයට ප්‍රශංසා කළ බව මන්ත්‍රීවරයා පැවසුවේය.

නමුත් පසුව බලයට පත්වූ රජයන් ගත් තීන්දු තීරණ හමුවේ එම රක්ෂණ වැඩසටහන තමාගෙන් අනතුරුව ක්‍රියාත්මක නොවූ බවත් පැහැදිලි කළ මන්ත්‍රීවරයා පැවසුවේ රක්ෂණ ක්‍රමය පැවතීම හමුවේ 2016 වසරේ කොළඹට බලපෑ ගංවතුර තත්වය හමුවේ විපතට පත් කොලොන්නාව ජනතාවට සාර්ථක ලෙස වන්දි ලබා දීමට රජයට හැකි වූ බවයි.