
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ චීනය අතර රූපවාහිනී වැඩසටහන් හුවමාරුව සඳහා බලපත්‍ර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව, දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය සහ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලන ආයතනය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර රූපවාහිනී වැඩසටහන් හුවමාරු කර ගැනීම සඳහා බලපත්‍ර ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත.
එම කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති බලපත්‍ර ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස ජනමාධ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart