
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
අද දින එය පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට භාර දෙන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමේ පනත වශයෙන් මෙය නම් කර තිබෙන බවත් මෙය ඉදිරිපත් කිරීමේ අරමුණ පසුගිය කාලය තුළදී දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටින මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට යම් සහනයක් ලබාදීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 60%කට වඩා දායකත්වය දරන්නේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බවත් පසුගිය කාලය තුළ ඇති වූ යම් යම් ආර්ථික අර්බුද හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයන්ට මුහුණ පෑ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ විශේෂයෙන්ම කොවිඩ් ලෝක වසංගතය සහ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ට දැඩිව ආර්ථික අර්බුදවලට මුහුණපෑමට සිදුව ඇති බවයි.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට යම්කිසි සහනයක් ලබාදීම සඳහා මෙම පනත කෙටුම්පත මගින් තමා යෝජනා කරන බවත් විශේෂයෙන්ම ඔවුන්ට දැනට අයකර තිබෙන පොලියට යම් සහනයක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
විශේෂයෙන්ම පරාටේ නීතිය ක්‍රියාත්මක වන නිසා මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවත් ඔවුන්ගේ දේපළ බැංකුවලට සින්නවීමේ යම් අවධානමක් ද පවතින බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා පවසයි.
මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් නිසා මෙරට විශාල ප්‍රමාණයකට රැකියා හිමිවී තිබෙන බවත් මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින්ගේ ව්‍යාපාර යළි ශක්තිමත් කර ඔවුන්ට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම සදහා මෙම පනත කෙටුම්පත ඉතා වැදගත් වන බවද රවී කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඔහු කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ සහයෝගය හිමිවනු ඇතැයි කියා තමා බලාපොරොත්තු වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart