
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්විල පොලිස් වසමේ හුළුගඟ බැද්දේගම මාර්ගයේ බැද්දේගම පාලම අසල දී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් අඩි 300ක පමණ බෑවුමක් ඔස්සේ මොරගහ ඔයට පෙරළීමෙන් එහි ගමින් ගත් අඹුසැමි යුවළක් මියගොස් තිබේ.
අනතුර අද (19) පස්වරු 2.00 ට පමණ සිදුව තිබෙන අතර ජීප් රථයේ රියදුරු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට පොලිසිය සැකකරයි.
අනතුරින් කාන්තාවක් සහ තවත් අයෙකු තුවාල ලබා පන්විල රෝහලට ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ බද්දේගම තවලම්තැන්නේ පදිංචි 82 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන කපුරුකැටියේ ප්‍රේමසුන්දර හා ඔහු ගේ බිරිඳ වන 77 හැවිරිදි ආර්.ජී කරුණාවතී නැමැති විශ්‍රමික ගුරුවරියකි.
මියගිය යුවළ මහනුවර පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ බිරිඳගේ මව සහ පියා බව පොලිසිය පවසයි.
ජීප් රථයේ ගමන් ගත් පිරිස ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වී ආපසු නිවෙස බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇත.
දියේ ගසාගෙන ගොස් අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart