
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්වවිද්‍යාල පාඨමාලා අතහැර දමන සිසුන්ගෙන් 70%ත් 80%ත් අතර ප්‍රමාණයක් යම්කිසි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමිල ඉසුරු පවසයි.
විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ තරුණියන් අතර මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පිටුදැකීම සඳහා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා සඳහන් කළේ, පාසල් ළමුන් සහ විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය සඳහා යොමුකර ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැඩි උත්සාහයක නිරත වන බවයි.
මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් එය තවදුරටත් භාවිත කරන්නේ සතුටක් ලැබීමට වඩා, මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට යෑමේදී මතුවන අපහසුතා සහ අතුරු ආබාධ පාලනය කරගැනීම සඳහා බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
පාසල් පද්ධතිය තුළ සිදුකළ පර්යේෂණ සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කළ නිරීක්ෂණවලට අනුව තරුණ පිරිස් මත්ද්‍රව්‍යවලට හුරු වීමේ වර්ධනයක් දක්නට ලැබේ.
විශ්වවිද්‍යාල පාඨමාලා සම්පූර්ණ නොකර පාඨමාලාවලින් ඉවත් වන පිරිමි සිසුන් අතර මෙම ගැටලුව දැඩි ලෙස පවතින අතර, ඔවුන්ගෙන් 70% – 80% අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව අනාවරණ වී ඇත.
තරුණයන් ඉලක්ක කරගනිමින් ජාවාරම්කරුවන් ගෙන යන මෙම ක්‍රියාමාර්ග කෙරෙහි දැඩි අවධානය යොමුකළ යුතු බවත්, සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා වඩාත් ශක්තිමත් පියවර ගත යුතු බවත් මහාචාර්ය අමිල ඉසුරු වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart