
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටිමින් අඩු මුදලට බිත්තර ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පොලිස් සැරයන්වරයෙක් නාරාහේන්පිට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක් බව පොලිසිය සඳහන් කරයි.
තමා සතුව බිත්තර පෙට්ටි දහයක් තිබෙන බව ව්‍යාපාරිකයකුට පවසා, පොලිස් ගරාජය අසලට පැමිණෙන ලෙස දන්වා, ඔහුගෙන් රුපියල් පනස්දාහක් රැගෙන මෙම පොලිස් සැරයන්වරයා පළාගොස් ඇත.
එම ව්‍යාපාරිකයන් විසින් උප පොලිස් පරීක්ෂකවරයෙක් වෙසින් සිටින පුද්ගලයා ගැන අවධානය යොමු කරගෙන සිට නාරාහේන්පිට ප්‍රදේශයේ දී ඔහුව කොටුකර ගැනීමට සමත් වූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart