
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1974 දී මගීන් 191 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුට මරු කැඳවමින් ‘මාටින් එයාර්’ මගී ගුවන් යානා අනතුර සිදු වූ මස්කෙළියේ සප්ත කන්‍යා කඳුවැටිය ප්‍රදේශය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සැලසුම් කර තිබේ.
ඉන්දුනීසියාව සහ වෙනත් රටවල සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද ස්මාරකය නැරඹීමට ආණ්ඩුකාරවරයා සහ ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing පසුගිය සතියේ ගියේය.
ස්මාරකය කඳු පන්තිය පසුබිමෙහි පෙනෙන ලෙස පිහිටුවා ඇත.
මෙම සප්ත කන්‍යා කඳුවැටිය වික්‍රමාන්විත ක්‍රියාවල නියැළෙන්නන්ට තරණය කළ හැකිය.
අනතුරට ලක්වූ මාටින් එයාර් යානය වන්දනාකරුවන් පිරිසක් ජෙඩා වෙත රැගෙන යෑම සඳහා ප්‍රධාන ගුවන් සමාගමක් විසින් කුලියට ගෙන තිබිණි.
එම මාටින් එයාර් ගුවන් යානයේ ටයරයක් අදටත් මස්කෙළිය පොලිස් ස්ථානය ආසන්නයේ දක්නට ලැබේ.
අනතුර සිදුවූ ස්ථානයට ගොස් තිබූ හැටන් සහකාර පොලිස් අධිකාරී එස්.බී.සේනාරත්න ප්‍රකාශ කර තිබුණේ ඔක්ටේන් අධික ඉන්ධන ටැංකි පිපිරී ගිනිගැනීම හේතුවෙන් යානය තිබූ ස්ථානයට තමන්ට හෝ වෙනත් පොලිස් නිලධාරීන්ට යෑමට නොහැකි වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart