
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ ඇමති විජිත හේරත් පසුගිය දවසක නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වුණා. මේ ගමනේදී නවසීලන්තයේ ඇමතිවරු රොත්තක්ම හමුවෙලා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන්න විජිතට අවස්ථාව ලැබුණා. පරිසර, කෘෂිකර්ම, ක්‍රීඩා සහ තෘතීයික අධ්‍යාපන වගේම කාන්තා කටයුතු භාර ඇමතිවරුත් ඒ අතර හිටියා.
දන්නවනේ, නවසීලන්තය කියන්නේ ලෝකේ ලොකුම කිරිපිටි අපනයනකාරයෙක්. අපි අවුරුද්දකට ඩොලර් මිලියන 300ක විතර කිරිපිටි එහෙන් ගේද්දී, අපෙන් එහේ යන්නේ ඩොලර් මිලියන 30ක විතර පොඩි බඩු ප්‍රමාණයක්. මේ වෙළඳ පරතරය පියවන්න විජිත අලුත් ප්ලෑන් එකක් ගැහුවා. ඒ තමයි නවසීලන්තයේ ලොකු ඉල්ලුමක් තියෙන අපේ රටේ අන්නාසි සහ අඹ එහේ පටවන්න. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නැහැ. නවසීලන්තයේ නිරෝධායන නීති හරිම තදයි. ඒ හින්දා එහේ නීතිවලට ගැළපෙන විදිහට ඉහළ ප්‍රමිතියේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලංකාවේ හදන්නත් මෙතැනදී තීන්දුවක් ගත්තා.
ඒ වගේම, ලබන අවුරුද්ද අපේ ක්‍රිකට් ඉතිහාසයට හරිම විශේෂයි. ලංකාව (එදා සිලෝන්) සහ නවසීලන්තය අතර මුල්ම ක්‍රිකට් තරගය කොළඹදී පවත්වලා ලබන ඔක්තෝබර් 8 වැනිදාට හරියටම අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. මේ “සීයෙ සැමරුම” නිමිත්තෙන් නවසීලන්තයේදී විශේෂ වැඩසටහන් රැසක් පවත්වන්න නියමිතයි. ඒ අතරේ ක්‍රිකට් තරග සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් විතරක් නෙවෙයි, කොළඹ ඉඳන් ඕක්ලන්ඩ් දක්වා විශේෂ ගුවන් ගමන් වාර දෙකක්ම ක්‍රියාත්මක කරන්නත් විජිතගේ සාකච්ඡාවලදී ලහිලහියේ සැලසුම් හැදුණා.
ඉතින් විජිතගේ මේ ගමනෙන් පස්සේ අපේ රටේ අඹයි, අන්නාසියි නවසීලන්තයේ සුපර් මාර්කට්වල රජ කරන දවස වැඩි ඈතක නෙවෙයි වගෙයි!
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart