
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සොරකම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මහනුවර හා මාතලේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක නඩු 50කට අධික සංඛ්‍යාවක් පවතින බව කියන මුරුතලාව, සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කටුගස්තොට වතුවල පුරාණ විහාරස්ථානයට ආසන්න පෞද්ගලික ඉඩමක ඌරන් මැරීමට දමා තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
කලක් මාතලේ පදිංචිව සිටි බව සඳහන් මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ කළ සොරකම් සම්බන්ධයෙන් මාතලේ අධිකරණයේ පමණක් නඩු 45ක් විභාග වෙමින් තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.
මෙයට අමතරව කටුගස්තොට හා පේරාදෙණිය පොලිසි මඟින්ද සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මොහු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව හෙළිව තිබේ.
එම ප්‍රදේශයේ කාන්තාවක ඊයේ (09) මළ සිරුර ප්‍රථමයෙන්ම දැක තිබෙන අතර, එම අවස්ථාව වන විටද එය බෙහෙවින් නරක් වී ඇත.
ප්‍රදේශවාසීන් කටුගස්තොට පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයාගේ කලිසම් සාක්කුවක තිබූ ජංගම දුරකථනයට ලැබී ඇති අංක ඔස්සේ කළ පරීක්ෂාවේදී ඔහු මුරුතලාව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට හඳුනාගෙන ඇත.
දෙදරු පියෙක් වන ඔහු පසුගිය 05 වැනිදා පස්වරුවේ ඔහුගේ පුතා විසින් යතුරුපැදියකින් මුරුතලාව නගරයට ඇරලවා තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
එදින සිට තම සැමියා නිවෙසට නොපැමිණි බවත්, ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද ඔහු කතා නොකළ බවත්, බිරිය පොලිසියට පවසා ඇත.
මෙම පුද්ගලයා පසුගිය 05 වැනිදා රාත්‍රියේ විදුලි රැහනේ ගැටෙන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර, ඔහුගේ කලිසම් සාක්කුවේ ඉස්කුරුප්පු නියනක් හා අඬුවක් තිබී ඇත.
මොහු කිසියම් සොරකමකට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පාන්නට ඇතැයි සැකකරන අතර, මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහලට යොමුකර තිබේ.
57 හැවිරිදි මියගිය පුද්ගලයා කලක් යුද හමුදාවේ සේවය කර තිබෙන බව පොලිසිය පවසන අතර, කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart