
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඔළුගෙඩි කැස්බෑවකු මස් පිණිස සඟවාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.28 වන දින මන්නාරම පොලිස් වසමේ පනම්කඩ්ඩුකොඩ්ඩු ප්රදේශයේ දී වැටළීමක් සිදුකර ඇත.
එහිදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කිලෝ ග්රෑම් 100 කට අධික බරකින් යුතු මුහුදු ඔළුගෙඩි කැස්බෑවෙකු මස් පිණිස නීති විරෝධී ලෙස නිවසේ සඟවාගෙන සිටි, මන්නාරම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ පුද්ගලයා සහ ඔහු සතුව පැවැති නීතිවිරෝධී දෑ මන්නාරම වනජීවී අඩවි ආරක්ෂක නිලධාරී කාර්යාලය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart