August 16, 2023

කහතුඩුව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක සිදු වූ අනතුරකින් තුවාල ලැබූ ඉන්දියානු ජාතිකයකු මියගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.

එම කර්මාන්ත ශාලාවේ යකඩ උනු කරමින් තිබූ බොයිලේරුවක උණු වූ යකඩ පිටතට විසිවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය අනාවරණය කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ විසිදෙහැවිරිදි ඉන්දියානු ජාතිකයකු වූ බව වාර්තා වේ.