
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද්ධය හේතුවෙන් 71 හැවිරිදි පුද්ගලයෙක් විසින් හය හැවිරිදි පිරිමි දරුවකුට පිහියෙන් ඇන මරාදමා, ඔහුගේ 32 හැවිරිදි මවට බරපතල තුවාල සිදුකිරීමේ සිදුවීමක් එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
මෙසේ ප්රහාරයට ලක්ව ඇත්තේ, පලස්තීන-ඇමරිකානු පිරිමි දරුවකු වන වඩේ අල්- ෆායුම් සහ ඔහුගේ මව හනාන් ෂාහින්ය.
ප්රහාරයට ගොදුරුවූවන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන් වීම, මෙම ප්රහාරයට හේතුවවී ඇති බව රහස් පරීක්ෂකයන් විසින් සොයා ගෙන ඇතැයි චිකාගෝහි විල් කවුන්ටි ෂෙරිෆ් කාර්යාලය ප්රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
පසුගිය සෙනසුරාදා උදෑසන නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාම චිකාගෝ සිට නිරිත දෙසින් කිලෝමීටර 65 ක් (සැතපුම් 40 ක්) පමණ දුරින් පිහිටි නිවසක සිටියදී සොයාගෙන ඇත.
රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති පිරිමි දරුවාට හමුදා මාදිලියේ විශාල පිහියකින් 26 වතාවක් ඇන ඇති බව මරණ පරීක්ෂණයට අනුව ෂෙරිෆ් කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම මවගේ සිරුරේ පිහි ඇනුම් තුවාල දුසිමකට වඩා තිබී ඇති අතර, ඇය රෝහල් ගත කළ නමුත් දිවි ගලවාගනු ඇතැයි අපේක්ෂා කරයි.
පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මිනීමැරුමක්, මිනීමැරීමට තැත් කිරීම, වෛරී අපරාධ දෙකක් සහ මාරාන්තික ආයුධයක් සමඟ දරුණු ලෙස පහරදීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.
මේ අතර, එම පවුල වසර දෙකක කාලයක් අදාළ නිවසේ බිම් මහලේ පදිංචිව සිට ඇති අතර, සැකකරු ඔවුන්ගේ ඉඩම් හිමියා බවද වාර්තාවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart