
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් 500ක මුදලක් ගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් වට්ස්ඇප් සමූහයක් වෙත යොමුකළ ශිෂ්‍යයකුට රුපියල් 5000 දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියම කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් ගොනුකළ පැමිණිල්ලක් අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කර තිබේ.
සිද්ධියට අදාළ එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියටපත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවට රුපියල් පනස්දහසක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්, විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන තම සේවාදායකයා මුල් අවස්ථාවේදීම වරද පිළිගන්නා බව සඳහන් කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කෙරිණි.
අසභ්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනාවන් දෙකක් සම්බන්ධව සැකකරුට නඩු පවරා තිබිණි.
සිද්ධියට අදාළ චෝදනාවන් කියවාදීමෙන් පසුව අදාළ චෝදනාවන්ට වරද පිළිගන්නවා යැයි විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කර ඇත.
එම සැකකාර ශිෂ්‍යයා හෝ පැමිණිලිකාරිය කිසිසේත් හඳුනන පුද්ගලයන් නොවන බව සහ විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පළමු වසරේදීම සිදුකළ මෙම අවාසනාවන්ත ක්‍රියාව සම්බන්ධයෙන් විත්තිකරු වසරක් තිස්සේ පසුතැවෙන බවත්, නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව සුදුසු අවම දණ්ඩනයක් නියම කරන ලෙසට ද ඉල්ලා ඇත.
එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇද්ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා තිබේ.
ඊට ප්‍රතිචාර දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ‘පැමිණිලිකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන’ බවය.
අගතියටපත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින්, පැමිණිලිකාර ශිෂ්‍යාව අදාළ සිදුවීමෙන් පසුව සියදිවි නසාගැනීමට පවා පෙළඹී ඇති බවත්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඇය යථා තත්ත්වයට පැමිණ ඇති බවත් සඳහන් කර ඇත.
එහිදී පැමිණිලිකාරය ශිෂ්‍යාව අධිකරණය ඉදිරියට කැඳවූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, පැමිණිලිකාරිය තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් දැයි විමසා ඇත.
ඊට සිය නීතිඥවරයා මාර්ගයෙන් කරුණු දැක්වූ පැමිණිලිකාර ශිෂ්‍යාව, ඇය තවමත් අධ්‍යාපනය ලබන බවත්, වරද පිළිගත් සැකකරුගෙන් රුපියල් පනස්දහසක වන්දියක් බලාපොරොත්තු වන බවත් සඳහන් කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වින්දිත තැනැත්තියට රුපියල් පනස්දහසක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කරමින් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart