
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගිනි අවි බලපත්‍ර නැවත නිකුත් කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
නිවැරදි වාර්තා සහතික කිරීම සහ වැඩි ආරක්ෂාවක් වෙනුවෙන් මෙම පියවර ගන්නා බව පැවසේ.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර පවසන්නේ ගිනි අවි හිමියන්ට අලුත් බලපත්‍ර නිකුත් කිරීමේදී නව යාන්ත්‍රණයක අවශ්‍යතාවක් ඇති බවයි.
“ගිනි අවි බලපත්‍ර නැවත නිකුත් කිරීම සඳහා නව ක්‍රමවේදය තවමත් අවසන් වෙලා නැහැ. එම ක්‍රමවේදය නිර්මාණය කළ පසු එය ප්‍රසිද්ධ කරනවා,” යැයි ඔහු පැවසීය.
2019 මුල් භාගයේදී, එවක ආරක්ෂක අමාත්‍යාංශය ගිනි අවි නියාමනයේ පසුබෑමක් ඇති බව පිළිගෙන තිබිණි.
ගිනි අවි බලපත්‍රවලට අදාළ වැදගත් තොරතුරු සහිත මධ්‍යගත ජාලගත දත්ත සමුදායක් නොමැතිවීම ආරක්ෂාවට තර්ජනයක් වී තිබිණි.
ගිනි අවියක් ඇත්තේ කවුරුන් සතුව ද යන්න පිළිබඳ අමාත්‍යාංශයට පැහැදිලි තොරතුරු නොතිබිණි.
රට තුළ සිටින ගිනි අවි බලපත්‍ර හිමියන් සංඛ්‍යාව හරියටම නොදන්නා බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සහ නියාමන ආයතනවලට ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට හෝ අපරාධ ස්ථානවලින් සොයා ගන්නා ලද ආයුධ ගැළපීමට දත්ත සමුදායක් නොමැති බවත් එම අවස්ථාවේ අමාත්‍යාංශය පිළිගත්තේය.
2019 මැද භාගයේදී, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී ගිනි අවි 21,247ක් ඇති බවත්, ඒවා කාණ්ඩ හතරක් යටතේ ඇති බවත් අමාත්‍යාංශය අනාවරණ කළේය.
ඒ අතරින් බලපත්‍රලාභී ගිනි අවි 15,783ක් කෘෂිකාර්මික කටයුතු හෝ පළිබෝධකයන් පාලනය සඳහා නිකුත් කර ඇති අතර 411ක් ක්‍රීඩා කටයුතු සඳහා නිකුත් කර තිබී ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart