July 24, 2026

කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම ජැටිය අතර ගමනාගමන කටයුතු පහසු කරමින් නව දුම්රිය සේවාවක් අද (ජූලි 24) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම නව සේවාව යටතේ ක්‍රියාත්මක වන දුම්රිය කාලසටහන සහ තොරතුරු පහත පරිදි වේ:

– කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා: අංක 5003 දරන දුම්රිය අලුයම 3:50 ට කොළඹ කොටුවෙන් පිටත්ව පෙ.ව. 10:44 ට තලෙයිමන්නාරම ජැටිය වෙත ළඟාවීමට නියමිතය.

– තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වා: අංක 5004 දරන දුම්රිය නැවත ගමන සඳහා අලුයම 4:10 ට තලෙයිමන්නාරම ජැටියෙන් පිටත් වේ.

ප්‍රධාන නැවතුම්පොළවල්

මෙම දුම්රිය ගම්පහ, පොල්ගහවෙල, කුරුණෑගල, ගල්ගමුව, අනුරාධපුරය, මඩු පාර, මන්නාරම සහ පේසාලෙයි යන ප්‍රධාන දුම්රිය ස්ථාන හරහා ධාවනය වේ.

අනුරාධපුර නව නගරය දුම්රිය ස්ථානයේ දැනට සිදුවෙමින් පවතින පිළිසකර කිරීමේ කටයුතු අවසන් වන තෙක්, මෙම දුම්රිය එම දුම්රිය ස්ථානයේ නොනවත්වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නව දුම්රිය සේවාව සඳහා ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත වායුසමනය කළ (A/C) පළමු පන්තියේ මැදිරි දෙකක් ඇතුළත් කර ඇත.

මගීන්ට දුම්රිය ආසන වෙන්කිරීමේ මාර්ගගත (Online) පද්ධතිය ඔස්සේ හෝ ප්‍රධාන දුම්රිය ස්ථාන වෙත පැමිණීමෙන් ආසන වෙන්කරවා ගත හැක.