
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සීහෙළ ගෞතම් සිරි සම්බුද්ධ’ නිකාය ශාසන විරෝධී භික්ෂු සංවිධානයක් බවත්, අදාළ ශාසන විරෝධී භික්ෂු සංවිධානය පිහිටු වූ කණ්ඩායම මඟින් සිදුකරන ධර්ම විනය විකෘතිය ඇතුළු කටයුතු වැළැක්වීම සදහා ශාසනික හා නෛතික පියවර ගන්නා බවත් ත්‍රෛනිකායික ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසති.
මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පහමුණේ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ශ්‍රී ධර්මානන්ද, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරි බළපිටියේ සිරි සීවලී, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ ශ්‍රී සාසනරතන නාහිමිවරු පෙරේදා (9දා) පස්වරුවේ මල්වතු මහා විහාරයේදී ජනමාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවැසුහ.
එහිදී ලේඛකාධිකාරී හිමිවරු ඉදිරිපත් කළ ඒකාබද්ධ ජනමාධ්‍ය නිවේදනයේ කරුණු ගෙනහැර දක්වමින් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමියෝ මෙසේ පැවැසූහ.
“මෙම ශාසන විරෝධී භික්ෂු සංවිධානයේ නියෝජිතයන් මහ නායක ධුරය ආදී තනතුරු පිහිටුවමින් සිදුකරන ලැදැයි කියන උපසම්පදා විනය කර්මය එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වංචනික ලෙස රවටා සිදු කරන ලද බවට එකී විහාරාධිපති හිමියන් අප වෙත ලිඛිතව දන්වා තිබෙනවා. ඒ අනුව එම උපසම්පදා කර්මය සිදුකර තිබෙන්නේ ධර්ම විනය විරෝධීවයි. ශාසනික සම්ප්රදාය අනුව එවැනි කටයුත්තක් සිදුකිරීමට නොහැකියි. මේ ආකාර ළාමක මතවාදයන් ප්‍රවර්ධනය කරන කණ්ඩායම් මඟින් ඉදිරිපත් කරන ධර්ම විනය විරෝධී අදහස් පිළිගැනීමෙන් වළකින ලෙසත් එම් මතවාදයන් ප්‍රවර්ධනය කිරීම ශාසනික පරිහානියට මෙන්ම මෙරට ස්වෛරීත්වයට හානිකර බවත් දැනුම්දීමට කැමැතියි.
අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමියෝ ශාසන විරෝධී කටයුතු කරන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ගතයුතු විනය සහ අධිකරණාමය ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අවස්ථාවල සාකච්ඡා කිරීමෙන් පසුව දැනට බලපැවැත්වෙන විහාර දේවාලගම් පනතේ 41 හා 42 වගන්තිවලට සංශෝධන ගෙන ඒම පිළිබඳව ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ මූලිකත්වයෙන් රජයට දැනුම්දී තිබෙනවා. මේ සඳහා අවශ්‍ය සංශෝධන ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කර අවශ්‍ය නීතිමය බලතල ලබා දෙන්න කියන කාරණය පසුගිය රජයට වගේම වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් දැනුම්දුන්නා. විනය විරෝධී කටයුතුවල නිරත වන භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා එල්ල වන අවස්ථා තිබෙනවා. ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ පිළිබඳව කාලයක් තිස්සේ අවශ්‍ය කටයුතු සිදුකළා. මේ ආකාර ධර්ම විරෝධී, විනය විරෝධී කටයුතු කරන භික්ෂුන් වහන්සේලාට නොරැවටෙන ලෙස ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිනවා. ත්‍රිපිටක ධර්මය විකෘති කිරීම මගින් විශාල ශාසනික පරිහානියක් සිදුවෙනවා. මේවා වළක්වාගැනීම තමයි මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උත්සාහය වෙලා තිබෙන්නේ.”
සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බළපිටියේ සිරි සීවලී නාහිමියෝ මෙසේ පවසති.
“අද ලංකාවේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ශාසන අනුලෝමික මත සමාජගත කිරීමට ජනමාධ්‍ය යොදාගන්නවා. එවැනි ශාසන විරෝධී මත දරන කල්ලි කණ්ඩායම්වලට වඩා ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උපදෙස් මත ක්‍රියාත්මක ලේඛකාධිකාරී වහන්සේලාගේ ප්‍රකාශවලට වැඩි ප්‍රමුඛත්වය ලබාදෙන්න කියලා ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරන්න කැමැතියි.”
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ ශ්‍රී සාසනරතන නාහිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.
“ශාසන විලෝපනය සඳහා කටයුතු කරන යම් යම් භික්ෂුන් මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වගේම නිකාය කාරක පාලක සංඝ සභා මඟින් ගන්නා තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කරමින් සිටිනවා. එම තත්ත්වය ඉවත් කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා. අපේ උත්සාහය ශාසනයට නොගැළපෙන අයුරින් කටයුතු කරන්නන් නිකායෙන් පමණක් නොව සංඝ සමාජයෙන්ම නෙරපා හැරීමයි. මේ පිළිබඳව ත්‍රෛනිකායික මහ නා හිමිව්රුන්ගේ උපදෙස් මත අප කටයුතු කරනවා.”
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාර නාරංපනාවේ ආනන්ද නාහිමිවරුද සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart