
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා හරිතාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇත.
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.30 වන දින ඇහැලියගොඩ පොලිස් වසමේ නිවසක වැටළීමක් සිදුකර තිබේ.
එහි දී කුෂ් නැමති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා නිවසේ කාමරයක් තුල හරිතාගාර අනුසාරයෙන් ගංජා වගාවක් පවත්වාගෙන ගිය ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 වයසේ පසුවන පුද්ගලයකු අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන ඇත.
එහි තිබූ ගංජා පැළ 15 ක් සමඟ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart