
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.
අද (31) පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේදී ඊට අදාළ උත්සවය සංවිධානය කර තිබේ.
පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ කොටස් හුවමාරුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් එම්.එම්. රණසිංහ, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක යන අය අත්සන් තබා ඇත.
නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය පිහිටුවීමට අදාළ වරලත් සහතික පත්‍රය සහ රුපියල් ලක්ෂයක මුදල මෙහිදී ජනාධිපතිවරයා අතින් විදුහල්පති ධම්මික බණ්ඩාර වෙත පිළිගන්වා තිබේ.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පවසා ඇත.
“මෙම වැඩසටන සඳහා දැනට පාසල් 100ක් පමණයි තෝරගෙන තිබෙන්නේ. පසුව එම සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. කොටස් වෙළෙඳපොළට, ඒ වගේම සුරැකුම්පත් විනිමය කොමිෂමට හැකියාවක් තිබෙනවා නම් මේ සමඟ තවදුරටත් සම්බන්ධ වෙන්න මම එය අගය කරනවා. මෙම සංගමයක්, දෙකක් භාරගෙන එම සහාය ලබා දෙන්න කියා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10ක් ලබා දී තිබෙනවා. ඒ අනුව සෑම පාසලකටම රුපියල් ලක්ෂය බැගින් හිමි වෙනවා. ඒ හැර වෙන කිසිඳු මුදලක් මේ සඳහා යොදවන්න එපා කියා මම ඉල්ලා සිටිනවා. මෙය ලක්ෂයට සීමා කරන්න. මෙය ආරම්භ කර වසරක් ගතවීමෙන් පසු කුමන පාසලද මෙම වැඩසටන සාර්ථකවම ක්‍රියාත්මක කර තිබෙන්නේ කියා සොයා බලනවා.
වැඩසටහන සාර්ථකවම ක්‍රියාත්මක කළ පාසලේ ශිෂ්‍යයන් 10 දෙනෙක්ට සහ විෂයභාර ගුරුවරයාට සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ දින කිහිපයක අධ්‍යයනයක් කිරීමට සිංගප්පුරු සංචාරයක් ලබා දීමට කටයුතු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart