May 30, 2026

ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ.

යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ ඊයේ (29) දින සිට බලපැවැත්වෙන පරිදි මෙම නව උසස්වීම් සහ පත්කිරීම් සිදුකර ඇති බවයි.

මෙම ධුරයට පත්වීමට පෙර ඔහු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මෙන්ම ස්වේච්ඡා බලසේනාවේ ආඥාපති ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත.