
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල්පාර්ශ්වය තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව ‘පොදුජන එක්සත් පෙරමුණ’ නමින් නව සන්ධානයක් පිහිටුවාගෙන තිබේ.
නිදහස් පක්ෂයට අනුව නව සන්ධානයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා පත්කර තිබේ.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්රමුඛ නිදහස් පක්ෂය කණ්ඩායම, ආගමික නායකයන් කිහිපදෙනෙකු සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද පැවති උත්සවයකදී නව දේශපාලන සන්ධානය එළිදැක්වීම සිදුවිය.
එම අවස්ථාවට විමල් වීරවංශගේ සමීපතමයකු වූ මොහොමඩ් මුසම්මිල් ද පැමිණ සිටිනු දක්නට ලැබිණි.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නිදහස් පක්ෂය විසින් ‘පොදුජන එක්සත් පෙරමුණ’ දියත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart