
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලශක්ති ක්ෂේත්රය නියාමන කිරීමට නව ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ පවත්වා ඇත.
මෙරට ඉන්ධන වෙළඳාමේ යෙදෙන ලිහිසි තෙල් බලපත්රලාභීන් සමඟ මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
බලශක්ති අංශය සඳහා යෝජිත නව නියාමකයකු, බලපත්ර ප්රදානය සහ ඇගයීම් ක්රියාවලිය සහ කර්මාන්තයට අදාළ අනෙකුත් ගැටළු පිළිබඳව රජයේ ප්රතිපත්තිය පිළිබඳව දැනුවත් කිරීම සහ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ සංස්ථාව විසින් පවත්වාගෙන යන අලෙවි නියෝජිත ආයතන 1200ක් සමඟ ගිවිසුම්වලට එළැඹීමෙන් පසු තම නිෂ්පාදන නියමිත පරිදි විකිණීමට හැකි බව මම බලපත්රලාභීන්ට දන්වා සිටියෙමි” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart