
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2024 දෙසැම්බර් 16 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 290ක ප්‍රදානයකින් සහාය දක්වන ලද මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ එම අවස්ථාවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න විසින් අත්සන් කර තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සංස්ථාපිතව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සීමාසහිත Cey-Nor පදනමේ කරෙයිනගර් බෝට්ටු අංගනය පුනරුත්ථාපනය කිරීම මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය මගින් කම්හල, යන්ත්‍රෝපකරණ, උපකරණ, ද්‍රව්‍ය, සේවා ආදිය සවි කිරීම ඇතුළු සිවිල් කටයුතු සහ ප්‍රසම්පාදනය ආවරණය වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු, ප්‍රතිසංස්කරණය කරන ලද බෝට්ටු අංගනය දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය අවස්ථා වැඩි කිරීමටත්, බෝට්ටු අංගනය අවට කුඩා ආයතන හරහා ප්‍රදේශයේ රැකියා අවස්ථා වැඩි කිරීමටත්, ගුණාත්මක ධීවර නිෂ්පාදන සැපයීම ඉහළ නැංවීමටත් උපකාරී වනු ඇත.
ඉන්දියාවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන ආධාර වැඩසටහන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ජනතාවගේ දෛනික ජීවිතයට ප්‍රත්‍යක්ෂ වෙනසක් ඇති කරමින් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart