
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් යානයක රෝද සම්බන්ධ වන කොටසකට නැග ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දියාවට පැමිණි 13 හැවිරිදි ඇෆ්ගන් පිරිමි දරුවෙකු පිළිබඳ පුවතක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම ජනමාධ්‍ය වාර්තා කළේ ඉකුත් ඉරිදා පෙ.ව. 11ට පමණ දිල්ලියේ ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපළට ළඟා වූ KAM ගුවන් සේවයේ RQ-4401 ගුවන් යානයෙන් දරුවා ඉන්දියාවට පැමිණ ඇති බවයි.
යානය ගොඩබෑමෙන් අනතුරුව පිටතට පැමිණ ඒ ආසන්නයේ ගැවසෙමින් සිටි ඔහුව ගුවන් තොටුපොළ බලධාරීන් සිය භාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.
එහිදී දරුවා පවසා ඇත්තේ පැවැති කුතුහලය හේතුවෙන් යානයේ එම ස්ථානයට ගොඩවූ බවයි.
ඇෆ්ගනිස්තානයේ කුන්ඩුස් නගරයේ සිට පැමිණි බව කියන එම දරුවා ගුවන් යානය ගොඩ බැස්ස පසු එය අසල සැරිසරනු දක්නට ලැබීම හේතුවෙන් ගුවන් සේවා නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායට (CISF) භාර දී තිබිණි.
ප්‍රශ්න කිරීම් අතරතුර, පිරිමි ළමයා නිලධාරීන්ට පවසා ඇත්තේ, කාබුල් ගුවන්තොටුපළට රිංගා ගුවන් යානයේ පසුපස රෝද පිහිටි කොටසේ සැඟවී සිටි බවයි.
කෙසේවෙතත් ඔහු කාබුල් සිට දිල්ලිය දක්වා අඩි 36,000 කට වඩා උන්නතාංශයකදී පැය දෙකක කාලයක් පුරා එම කොටස තුළ ආරක්ෂිතව පැමිණ තිබීම විස්මය දනවන කරුණකි.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු ඉකුත් ඉරිදා දිනයේදීම එම ගුවන් යානයෙන්ම කාබුල් වෙත ආපසු හරවා යවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart