
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මියන්මාරයේ Myawaddy ප්‍රදේශය ජනවාර්ගික සන්නද්ධ කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන බැවින් සයිබර් අපරාධකරුවන් විසින් සිරකරගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 48 දෙනා බේරාගැනීම අභියෝගාත්මක බව වී ඇති බව මියන්මාර හමුදා රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු සයිබර් අපරාධකරුවන් විසින් රඳවාගෙන සිටින අතර ඉන් අට දෙනකු බේරාගෙන ඇත.
මියන්මාරයේ Myawaddy සිට Yangon දක්වා මාර්ගයෙන් ඔවුන් මෙරටට රැගෙන ඒම අභියෝගාත්මක බැවින් තායිලන්තය හරහා නැවත ශ්‍රී ලංකාව වෙත එවීමට මේ වන විට ලිපි ලේඛන කටයුතු සිදුවෙමින් පවතී.
කෙසේවෙතත්, මියන්මාර හමුදා රජය විසින් දන්වා ඇති පරිදි ඉතිරි ශ්‍රී ලාංකිකයන් 48 දෙනා බේරාගැනීම අභියෝගාත්මක වී ඇති බව ක්‍රියාවලිය පිළිබඳ හුරුපුරුදු මූලාශ්‍ර ප්‍රකාශ කර තිබේ.
එම මූලාශ්‍රයට අනුව, එවැනි ගලවා ගැනීමේ ප්‍රයත්නයකට මෙම පුද්ගලයන්ගේ ජීවිත පවා අනතුරේ හෙළන හමුදා මෙහෙයුමක් ඇතුළත් වේ.
ඒ අනුව ඔවුන් ගලවා ගැනීම සඳහා උපාය මාර්ගික ප්‍රවේශයක් සකස්කිරීමට හමුදා රජය තවදුරටත් කල් ඉල්ලා තිබේ.
මේ සමබන්ධයෙන් මියන්මාර රජය සම්බන්ධ කරගැනීමේ සියලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ශ්‍රී ලංකා රජය විසින් අවසන් කර ඇත.
ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කරගැනීමට සහාය වන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මියන්මාර අගමැති ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හ්ලෙයින් වෙත යැවූ විශේෂ රාජ්‍යතාන්ත්‍රික සටහන ද ඊට ඇතුළත් වේ.
මීට අමතරව, සයිබර් අපරාධ කලාපයේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන තවත් ශ්‍රී ලාංකිකයන් ගණනාවක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළකර නැත.
කෙසේවෙතත්, එවැනි ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මේ මොහොතේ නිශ්චිතව කිව නොහැකි බව එරට ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart