
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර නායකයෝ පිරිසක් පසුගිය සතියේ, ධීවර කටයුතු ආශ්රිත කලාපීය සමුළුවකට සහභාගී වීම සඳහා චෙන්නායි අන්තර්ජාතික ගුවන්තොටුපළේ සිට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ බලාපිටත්ව යෑමට සූදානම්ව සිටියහ.
මන්නාරම් මුහුදේ නිතිරිරෝධි බොටම් ට්‍රෝලින් කටයුතු සිදුකිරීම හේතුවෙන් ඉන්දීය ධීවරයින් 38 දෙනකු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔවුන්ට ඒ අතරතුර වාර්තා වී තිබේ.
රාමේෂ්වරම්හි ප්‍රධාන ධීවර වෘත්තීය සමිති නායකයකු වන ඔවුන්ගෙන් එක් අයෙකුගේ රුපියල් මිලියන ගණනක් වටිනා බොටම් ට්‍රෝලර් යාත්‍රාවක් ද එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ පුත්‍රයාද අත්අඩංගුවට ගත පිරිස අතර සිටින බව වාර්තා වී තිබේ.
වෘත්තීය සමිති නායකයා කොළඹට යන ගමන අවලංගු කර රාමේෂ්වරම් වෙත ආපසු ගිය අතර, අත්අඩංගුවට ගත් ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව සමග දැන් සතියක් පුරා විරෝධතාවක යෙදී සිටී.
සුපුරුදු පරිදි, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ ලේකම් කාර්යාලයෙන් ලිපි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ ආයතනවලට විරෝධතා ෆැක්ස් කරන ලද අතර, ‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉන්දියාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරන ලෙසත්’ එමගින් ඉල්ලා ඇත.
මේ අතර, කොළඹ ධීවර අමාත්‍යාංශය උතුරේ ප්‍රාදේශීය ධීවර දෙපාර්තමේන්තු කාර්යාලවලට නියෝග කළේ අත්අඩංගුවට ගත් ඉන්දියානු බොටම් ට්‍රෝලර් යාත්‍රා 37 ක් පමණ ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart