
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්නට කරන ලද අපහාසයක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.
එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මන්ත්‍රීවරියගේ නම වැරදියට ප්‍රකාශ කළ බවට විපක්ෂයෙන් චෝදනා එල්ලවිය.
එම දැඩි චෝදනා මධ්‍යයේ නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට විරෝධයක් නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් නියෝජ්‍ය ඇමැතිවරයාගේ එම ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විරෝධය පළකර ඇත.
ඇය එහි මෙසේ සඳහන් කර තිබේ.
“අද මම සභා ගර්භයේ සිටියේ නැත, නමුත් කතා අතරතුර විපක්ෂ මන්ත්‍රීවරියකට ‘පාර්ලිමේන්තු විරෝධී’ භාෂාව භාවිත කිරීම ගැන මම පසුව දැනගතිමි. ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් ස්ථිරව පෙනීසිටින කාන්තාවක් ලෙස, පාර්ලිමේන්තුවේ සිදු වූ දේ මට පෞද්ගලිකව අනුමත කළ නොහැක.
අපි මෙහි සිටින්නේ අඛණ්ඩතාව, ගෞරවය සහ අප දිගු කලක් සටන් කළ වටිනාකම් තුළ මුල් බැසගත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමටයි. මෙම මූලධර්ම කෙරෙහි මගේ කැපවීම කිසිදා නොවූ තරම් ශක්තිමත්ව පවතී!”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart