
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොතලාවල ආරක්ෂක සේවා විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් රැගත් බස් රථයක් බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ඇල්ල ආසන්නයේදී 2024 නොවැම්බර් 1 වැනිදා අනතුරට පත්වීමට අදාළ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නැති බවත්, 2017 වසරෙන් පසු නිෂ්පාදනය කරන ලද බස් රථයක් විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා ලබාගැනීමට ටෙන්ඩර් කැඳවා තිබියදී 1992 නිෂ්පාදනය කරන ලද බස් රථයක් ලබාගත්තේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී අනාවරණය වී ඇත.
මෙහිදී අනාවරණය වී ඇති ආකාරයට ප්‍රසම්පාදන කොන්දේසි උල්ලංඝනය කර තිබියදීත්, විශ්වවිද්‍යාලයේ තාක්ෂණ කමිටුවෙන් අනතුරට ලක් වූ බස් රථයට අනුමැතිය දී තිබේ. ඊට පිළිතුරක් ලෙස විශ්වවිද්‍යාලය පාර්ශ්වයෙන් පවසා තිබුණේ, මීට වෙනත් කිසිවකු ටෙන්ඩර් ඉදිරිපත් කර නොතිබුණු බවයි. එහෙත් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ටෙන්ඩර් ප්‍රසිද්ධ කළ ආකාරය තහවුරු කිරීමටද ඔවුන්ට නොහැකි වී ඇත. මේ අනතුර සිදු කළ රියැදුරා සම්බන්ධයෙන් සහ අනෙකුත් තොරතුරු නිශ්චය කරගැනීමට රසපරීක්ෂක වෙතින් වාර්තා කැඳවා ඇති බවත්, ඒවාද මෙතෙක් ලැබී නැති බවත් මේ සම්බන්ධයෙන් බදුල්ල පොලීසියෙන් කළ සොයාබැලීමකදී අනාවරණය විය.
ඊට අමතරව මේ අනතුරට අදාළ රක්ෂණ වන්දි ලබාගැනීමටද මෙතෙක් හැකියාවක් ලැබී නැත. ඊට හේතුව වන්නේ නීතිපති උපදෙස් සඳහා අදාළ ලියකියවිලි යොමුකර තිබීමයි.
මේ අනතුරට මුහුණදුන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂක විශේෂවේදී උපාධිය හදාරමින් සිටි සිසු-සිසුවියෝ පිරිසකි. එහිදී සිව්දෙනකු මියගිය අතර, පස්දෙනෙක් ස්ථිර ආබාධ සහිත තත්ත්වයට පත්ව සිටිති. අනතුරට මුහුණ දුන් තවත් සිසු පිරිසක් තවමත් ප්‍රතිකාර ලබාගන්නා බවද අනතුරෙන් මියගිය සිසු-සිසුවියන්ගේ මවුපියෝ අවධාරණය කරති.
මේ අනතුරෙන් මියගිය සිසුන්ගේ මවුපියන් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල පිළිබඳ දෙවැනි විභාගය පසුගිය සතියේ පැවැත්විණි.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart